ෆොටෝ ලීක් වෙනවට කරන්න ඕන දේ..

ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට ඇප් දාද්දි ඔබ කොයිතරම් සැලකිලිමත්ද?
ඒ වගේම ඒ ඇප් එක දානකොට ඉල්ලන permission ඔක්කොම allow කරනවද?

Continue reading “ෆොටෝ ලීක් වෙනවට කරන්න ඕන දේ..”

Youtube වීඩියෝ බලන්නෙ නැතුව අහමුද…

Youtube කියන්නෙ අද ලෝකයේ ලොකු කුඩා හැමදෙනාම දන්න වීඩියෝ සමාජ ජාලයක්. මේකට ඕනම කෙනෙකුට වීඩියෝ හදල දාන්න පුළුවන් වගේම ලෝකයේ ඕනෑම තැනක ඉන්න කෙනෙක් හදල දාන විවිධාකාර වීඩියෝ බලන්නත් පුළුවන්. කොටින්ම Youtube කියන්නෙ දැනුම් ආකරයක්.තොරතුරු සාගරයක්.

ඉතිං මේ Youtube එකේ සමහර වීඩියෝ තියෙනව ඇත්තටම ඒකෙ වීඩියෝ එක එච්චර වැදගත් නැති ඕඩියෝ එක ඇහුවාම ප්‍රමාණවත්. ඉතිං එහෙම වීඩියෝ අපි නිකං ඩේටා වැයකරගෙන බලන එකට විසඳුමක් තමා මම කියන්න යන්නෙ.

මේක app එකක්. මේ ඇප් එකෙන් කරන්නෙ අපි තෝරල දෙන වීඩියෝවෙ හඬ විතරක් අඩු ඩේටා ප්‍රමාණයක් වැය කරල අපිට අහන්න සලස්වන එක. ඒක තමයි Ymusic කියන ඇප් එක. APK එක අරගෙන ඔයත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට මේක දාගෙන බලන්නකෝ… Youtube audio පසුබිමින් අහන ගමන් ෆෝන් එකෙන් වෙන වැඩක් කරන්නත් මේකෙන් පුළුවන්..

Continue reading “Youtube වීඩියෝ බලන්නෙ නැතුව අහමුද…”

seen නොවන seen එක

චැට් කරද්දි අමුතුම කපටි වැඩක් කරමුද?

වීඩියෝව මෙන්න.

Windows පරිගණකයෙහි තිරය Android දුරකථනයේ පෙන්වමු

අපි සාමාන්‍යයෙන් අපේ දුරකථනයේ තිරය සජීවීව අපේ පරිගණකයේ පෙන්වන නමුත් පරිගණකයේ තිරය දුරකථනයේ කුඩා තිරය මතට ගෙන එන්නෙ නැති තරම්. ඒ එහෙම අවශ්‍යතාවයක් ඇති වුනේ නැති නිසා නේ. නමුත් අපිට එයත් කළ හැකියි. ලිපියේ ඉදිරියට කියවලම බලන්නකො කරන විදිය.

Continue reading “Windows පරිගණකයෙහි තිරය Android දුරකථනයේ පෙන්වමු”

කේබල් එක නැතුව ෆෝන් එකයි කොම් එකයි අතර ෆයිල් යවමු

කේබල් එක නැති වෙලාවට android phone එක පරිගණකයට සම්බන්ධ කරල අවශ්‍ය දේවල් කොපි කර ගන්න එක හරිම ප්‍රශ්නයක්. Shareit වගේ ⁣application තිබුණත් ඒක පරිගණකයටත් install කරන්න වෙන එක වදයක්. මේ කරදරෙන් මිදෙන්න විදියක් තමයි මම අද කියන්නෙ.

Continue reading “කේබල් එක නැතුව ෆෝන් එකයි කොම් එකයි අතර ෆයිල් යවමු”

ලංකාවෙ අපිත් Spotify වලින් ගීත අහමු – (දැන් මේ කතාව පරණයි. කෙළින්ම අහන්න පුළුවන් ලංකාවෙදිත්)

Spotify කියෙන්නෙ ගොඩක් දෙනෙක් නොදන්වනව වුනාට ලෝකයේ ජනප්‍රියම ඔන්යලයින් ක්‍රමයට සංගීතයට සවන් දෙන ක්‍රමවලින් එකක්. Music for everyone කියල කිවුවත් ඉතිං මේක ලංකාවට නිළ වශයෙන් තවම භාවිතා කරන්න දීල නැහැ. එයාලගෙ වෙබ් අඩවියට ගියොත් ඔයාලට දකින්න පුළුවන් වෙන්නෙ පහතින් තියෙන දුක්සමුසු පණිවිඩය තමයි.

spotify

Continue reading “ලංකාවෙ අපිත් Spotify වලින් ගීත අහමු – (දැන් මේ කතාව පරණයි. කෙළින්ම අහන්න පුළුවන් ලංකාවෙදිත්)”

ස්මාර්ට් ලෝකයට ස්මාර්ට් බයිසිකල්

“මේ.. ඒක නෙමෙයි. මම බයිසිකලයක් ගත්ත. ඒකෙ RAM එක 4GB.” 🤔😯

“මොකක්? පිස්සෙක්ද කොහෙද” මොකද රැම් මතකයක් තියෙන්නෙ පරිගණක, ස්මාර්ට් දුරකතන වගේ දේවල් වලටනෙ”

හරි හරි, හෙමිහිට මේ ලිපිය කියවන්නකො. Continue reading “ස්මාර්ට් ලෝකයට ස්මාර්ට් බයිසිකල්”

ලෝකෙ වටේ යන සෝලා ඉම්පල්ස් 2 (Solar Impulse 2)

image

පුංචි සූර්ය කෝෂයකින් වැඩකරන කැල්කියුලේටර් අපිට අලුත් දෙයක් නෙමෙයි නේ. ඒත් කවුද හිතුවෙ සූර්ය පැනල විශාල ප්‍රමාණයක් සවි කරපු ගුවන් යානා නිපදවාවි කියල.
මේ කියන්න යන්නෙ සම්පූර්ණයෙන්ම ඉර එළියෙන් වැඩකරන ගුවන් යානයක් ගැන.

Continue reading “ලෝකෙ වටේ යන සෝලා ඉම්පල්ස් 2 (Solar Impulse 2)”

එකම app එකේ accounts දෙකක් (Two accounts in one Android app)

කොහොමද යාලුවනේ? කාලෙකින් ඔයාල හමුවෙන්න ආවෙ නොකියාම බැරි දෙයක් කියන්න තියෙන නිසා. ඔය නොකියාම බැරි දේවල් FB එකේ දාන්නත් මොකක්ද වගේ නේද? මම දන්නව ඔයා ඒ වගේ වැඩවලට වෙනම හොර account එකකින් log වෙන බව. 😋 ඒක computer එකේදි ලේසි වැඩක් වුනත් Android phone එකෙන් එහෙම කරන එක ටිකක් කරදර වැඩක් නේද? අන්න එහෙම වෙලාවට මෙන්න මෙයා පාවිච්චි කරන්න. Continue reading “එකම app එකේ accounts දෙකක් (Two accounts in one Android app)”

ගූගල් ප්ලේ එකෙන්ම පරිගණකයට apk ඩවුන්ලෝඩ් කරමු

ආයුබෝවන් යාලුවනේ. පොඩි පොඩි වැඩ කටයුතු ටිකක් තිබුණ නිසා ගොඩක් කාලෙකින් ඔයාල හමුවෙන්න එන්න බැරිවුනා. මුලින්ම සමාව අයදිනව ඒකට. ලිපි කිහිපයක්ම බාගෙට ලියල ඒව එහෙමම පැත්තකට දාන්න වුණා. ඒත් ඒව කොයි මොහොතක හරි ආයෙම අලුත් කරල ඔයාලට ගේන්නම්. අද මාතෘකාව දැක්කම අද කරන්න යන වැඩේ මොකක්ද කියල තේරෙන්න ඇති කියල හිතනව.  හරි, අපි කතා නැතුව කෙළින්ම වැඩේට බහිමු. Continue reading “ගූගල් ප්ලේ එකෙන්ම පරිගණකයට apk ඩවුන්ලෝඩ් කරමු”